Thursday, June 6, 2013





අදින් වසර 17කට ඉස්සෙල්ලා අද වගේ දවසක මම දැක්කා ළමා සාරියක් ඇඳගෙන ලොකු කිරිබත් පෙට්ටියක් අරගෙන පාර පනින කෙල්ලෙක්ව
කාගෙ කවුද ඉන්නේ කොහෙද ද්න්නේ නැති උනාට විසාකා එකේ කියල මම දැනගෙන හිටියා. ඊටත් අවුරුදු ගානකට පස්සේ මම එදා දැක්ක කෙල්ලව කසාද බැන්දා....
ජිවිතේට දැකල නැති කෙනෙක් අපේ ජිවිතේම කොටසක් වෙන එක හරි පුදුමයි.. කවදාවත් හිතුවද මේ කෙල්ල මගේ ජීවිතෙ ඉතුරු කාලේ මගේ එහා පැත්තෙ නිදියයි කියලා මගේ දුක සැප බෙදා ගන්න ඉදී කියල..

කොහොම හරි අවුරුදු 17 පිරෙන අද දවසේ ඔයාට සියක් ආයුලැබ මගෙත් ආයුගෙන මටත් වඩාකල් ඔබ ජීවත් වේවා

මීට ඔයාගේ පරණ කලු කැත ගොජපි කාලකන්නි වනචර මෙලෝ රහක් නැති පෙම්වතා
සශිමාල්

Sunday, July 11, 2010

මගේ කථාව හතර වෙනි වල (4 කොටස - ඔපරෙශන් SPM 2 )

අද එතැන් සිට...........

දැන් ඉතින් කථා කරගත් විදියට අපේ සෙට් එක හවස 1.50 වෙනකොට ඉස්කොලේ තාප්ප බඩ ගාලා සෙක්කට හොරෙන් ඉස්කොලෙන් පනිනවා එහෙම පනින්නෙ SPM බස් එක එන වෙලාව බලා ගන්න [බලන්න නේද යාලු ෆිට් එකෙ හැටි වල බහින්න ඔනතරන් ඉන්නවා]

කොහොම හරි අපි බස් එක එන වෙලාව සුවර් කර ගත්තා. 2.15 වෙනකොට බස් එක හ්යිලෙවල් එකට ඩික්මන් රොඩ් එකෙන් හරවනවා.

"දැන් කොතනිද බිත්තර ගහන්නෙ?.... පතන හොල්ට් එකෙදි ගහමු"

"අපො බන් පතන ගාවගන්න එපා ඔකට චාටර් බන් !@#$%^&***" ඩොගියට කොහොමත් පත්නත් එක්ක වලියක් තිබ්බා ඉස්සර ඉන්දල ගයානි[1] ගෙ අයියා කෙනෙක් පතනෙ ඔකයි ඇත්ත සීන් එක..

ඩොගියා උබ ගයනි[1]ට මෙසෙජ් එකක්ක් දිපන් බස් එක ගැන විස්තර ගන්න කියල අනික මෙ සතියෙ බස් එකෙ එන්න එපා කියන්න OK?....

හරි අපි ලුම්බිනි එක ලගදි බස් එකට ගහමු කොහොමත් එ හරියෙ ට්‍රැෆික්නෙ

...........
බදාද තමයි ලු ඔක්කොමල නුගෙගොඩ ක්ලාස් යන්නෙ....

එහෙනන් හරි බදාදට ගහමු!!!!!!!!!!!!!

ඉස්කොලෙ සීන් එකක්.............
මම: "අපි SPM බස් එකට ගහන්න ඉන්නෙ අද..."
ඉසුරු: "මොනාද???"
මම: "බිත්තර......."

ඉසුරු: "මරුනෙ, අපි කියුවෙ උඹෙ මහානාමෙ සෙට් එකද???"

මම: "ඔව්"

ඉසුරු: "අඩො පවු වැඩෙ බන්.........."
මම: "ඇයි ඒ??..."

ඉසුරු: නැ ඉතින් කාගෙ උනත් දරුවෙක්නෙ.........

මම: "අම්මො මුගෙ ගෑනු භක්තිය..... අනෙ නිකන් පලයන්....බාල අපරාධ කාරයා!!!!"
කොහොමත් ඉසුරුට Sඵ්M පොඩි සීන් එකක් සෙට් වෙලා තිබ්බෙ ඒකයි ඔකා SPM එකට අදින්නෙ

ඔපරෙෂන් SPM -- 15 මිනිට්ස් බිෆො
ආ..... සශි උබල අද SPM බස් එකට ගහනවද?
එහෙම අහගෙන ආවෙ තර්ස්ටන් තමිර

@#$%^&*()_
[මුන්ගෙ ආච්චිට හාල් ගරන්න] කවුද උඹට කිවුවෙ???
මට කිවුවෙ ඩොගියා අන්න අපෙ සෙට් එකත් සෙට් වෙලා ඉන්නෙ ගහන්න...

[මම ඔය හරක් ඩොගියට කිවුවා කාටවත් කියන්න එප කියලා, මූට හු _ _ ත් මදිනෙ යකො]

අපෙ වැඩෙට තව එකෙක් සෙට් උනා......

දැන් තියෙන්නෙ බිත්තර ගහන සෙට් එක ලැහැස්ති කරන්න

"කවුද දැන් බිත්තර ගහන්නෙ?"

"මමයි සශියි කොටයි ගහමු" ඩොගිය එහෙම කිඋවෙ
ත්‍රස්ත වාදි වගෙ කතා කරාට බොම්බ ගන්න අපි ලග සල්ලි තිබ්බෙ නැනෙ
ඉතින් එකටත් පොඩි කලෙක්ශන් පාරක් දාන්න උනා

කවදාවත් නැතුව සුසිරියත් වෙලාවට ආව

ඔන්න ඉතින් වන් ෆො බෙස් එකට ගහන්න යන කොමාන්ඩො බුවාලා වගෙ අපිත් සින්දුවත් දාගෙන යනවා

ටිකෙන් ටික ටාර්ගෙට් එකට ලන් වෙනවා
ඩික්මන් පාර ගාව රෙඩ් ලයිට් වැටිල තියනවා...............

[මද විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට....... එහෙම කරන්නෙ ඔයගොල්ලන්ගෙ කුතුහලය අවුස්සන්න නෙ.... මෙගා නාට්ටි වල වගෙ....]


කොටි කදවුර ලන් වෙනකන් ඉන්නව වගෙ අපිත් SPM බස් එක එනකන් ට්‍රැෆික් එකෙ ඉන්නවා

ඩිග් ඩිග් .. ඩිග්ඩිග් .. ඩිග්ඩිග්

හුටා!! [ආයෙත් හුටා!!]

SPM බස් එක කලින් හැරෙවුවනෙ.........
අයියො අපිටමයි වෙන්නෙ

SPM බස් එක සුසිරියට වාහන පහක් ඉස්සරහින් තියෙන්නෙ

"මොකද කරන්නෙ???......" ඩොගිය මූන ඇම්බුල් කරගෙන ඇහුවෙ

"ඉක්මනට බැහැල ගිහිල්ලා ඉස්සරහට දුවමු අතන කඩෙන් බිත්තර ගමු අරගෙන දුවගෙන එන ගමන් ගහලා සුසිරියට නගිමු"

කවදත් මාස්ටර් පැලැන් එක දෙන්නෙ මම නෙ.........

කොහෙන්ද බිත්තර ගන්නෙ? සම්පා ඇහුවෙ!!!
ඇයි බන් ඔය ඉස්සරහ තියෙන්නෙ කඩයක් බිත්තර එලියෙම තියලා

[138 පාරෙ යන එන කවුරුත් දකින රීබොක් ස්ටො එක දැන් තියෙන්නෙ ඉස්සර බිත්තර කඩෙ තිබ්බ තැන]

"හරි යමන් ගිහිල්ලා ගහමු...."
[යුද්ධයට ගියාට මොකද අපි ගාව බොම්බ වත් නෑ එ කියන්නෙ බිත්තර නැ අඩුම ගානෙ ගන්නවත් සල්ලි නෑ ඒකත් එකතු කරන්න උනා දැන්වගෙ නෙමේයිනෙ ඉස්සර බිත්තරයක් 2.00 2.50 3.00 වගෙ ගනන් වලට තිබ්බෙ නැත්නන් කීයටවත් 100 200 වියදම් කරල බිත්තර ගහන්නෙ නෑ ජිවන වියදම උඩ යන හැටිනේද????]

කොහොම හරි රු 20 විතර එකතු උනා ඒකෙන් 15 විතර බිත්තර ගත්තා

මම බිත්තර දෙකක් සම්පා 2ක් ඩොගියා 2 හො 3 අතේ තියගෙන ආපහු බස් එකට දිවුවා

යන අතරෙ සම්පා මමයි බිත්තර 4ක් SPM බස් එකට ගහුවා
නිකන් බ්‍රට් ලී දාපු පන්දුවක් වගෙ බිත්තරෙ කෙලින්ම ඩෙකර් එකෙ දොරෙන් ගිහිල්ලා ඇතුලෙ හිටපු උන්ට වැදුනා

ඔපරෙශන් SPM එහෙම නිමා උනත්
කොට්ටාවට එන්න කලින් අපෙ එකෙකුත් බිත්තරයක් නා ගත්තා
වෙන කවුරුත් නෙමේ අපෙ හිරාන් මල්ලි [හිරාන් මලින්ද නෑ නෑ ලසිත් මාලින්ග නෙමෙයි මු හිරාන් මලින්ද උගෙ වැඩ ගැන දැනගන්න ඊලග කොටස කියවන්න]


මගේ කථාව මතු සම්බන්ධයි..............

මෙහි සදහන් සියලු නම් ගම් මන:කල්පිතම නොවේ!!!

Tuesday, June 22, 2010

මගේ කථාව තුන්වෙනි වල ( 3 කොටස - ඔපරෙශන් SPM )

අද එතැන් සිට...........

බිත්තර වලින් මොකද කරන්න පුලුවන්?
ගොඩක් දේවල්, ඔම්ලට් දාන්න බදින්න තම්බන්න කේක් හදන්න... එක එක විකාර, ඇයිතව කෙල්ලොන්ගෙ ස්කූල් බස් වලට ගහන්න!!!!!!

ඒ කථාව තමයි ඔපරෙශන් SPM කියන්නෙ...

අකලන්කයගෙ කෙල්ල[බඩුව බඩුව] ගයනි අර එච් පි අක්කට මාට්ටු උනාට පස්සෙ ගයානිට දැඩි රැකවල් දැම්මා නෙ. ඉතින් ඊට පස්සෙ අකලන්කය මහගෙදර තුලසි[ඒ කාලෙ මහගෙදර ගියෙ නැ] මැරිල වගෙ හොටු පෙරා ගත්තු ගමන් මයි. බලගෙන ඉන්න දුකයි

ඔය ගමන තමයි අපි SPM ස්කූල බස් එකට වැඩක් දෙමු කියල සෙට් උනෙ. අපරාදෙ කියන්න බෑ ජිල් වැඩට ඔනතරන් සපොර්ට් ලැබෙනවනෙ

පතනෙ තමිරලත් තර්ස්ටන් සෙට් එකත් වැඩෙට සෙට්වුනා
කවදත් ඉතින් මාස්ටර් ප්ලැන් ගහන්නෙ මමනෙ ඉතින් මම උදෙ එන ස්කූල් බස් එකට ගෙමක් දෙන්න සෙට් උනා.

ඉතාම රහසි ගතයි......
කොඩ් නෙම් : ඔපරෙශන් SPM (1)
ඔබ්ජෙක්ටිව් : බස් රථයෙ හුලන් ඇරිම, සහ ගයානි සමග අනිත් එච් පි අක්කාව අල්ලා ගැනීම
ස්ථානය : කොට්ටාව [උදෙ 6ට පමන]

මාස්ටර් ප්ලැන් එක
උදෙ 6ට විතර මහරගම ඩිපොවෙන් එන බස් එක විනාඩි 15ක් විතර කොට්ටාව බස් නැවතුමෙ නවත්තගෙන ඉන්නවා. ඔය අතරෙ අපි සෙට් එක ගිහිල්ලා ඇන ගහපු ලෑල්ලක් පිටිපස්සෙ රොදෙ යටින් තියනවා. බස් එක යන කොට බඩු පැකට් නේ...............

කොහොම හරි උනන්දුවෙලා උදෙන්ම නැගිටලා 6 වෙනකොට කොට්ටාවට කට්ටිය සෙට් උනා [බලපන් මුන්ගෙ උනන්දුව වෙන වැඩකට මුන් මෙහෙම ඒයිද??] බලන් හිටියා වගෙ 6.05 විතර වෙනකොට බස් එක ආවා.

"කො උබ ඇනගහගෙන ආවද?" අකලන්කයට දැන්තමයි එක මතක් වෙලා තියෙන්නෙ

"හරි වැඩෙ කරමු උබල ඉස්සරහින් යන ගමන් ලෑල්ල බිම දාපන් අපි පිටි පස්සෙන් යන ගමන් එක ටයර් එක යටට දාන්නන්" සම්පතයගෙ අයිඩියා එක එහෙමයි

"OK ඩොගියව[අකලන්කට අපි කියපු සුරතල් නාමය, හරි හුරතල් නෙද?] තියලා යමු" මු ගයානිව දැක්කොත් වැඩෙ කනවා" ඩොගියත් හිස වනා OK එක දුන්නා

වැඩෙ හිතපු විදියටම උන ගානටම බස් එකෙ ටයර් එක යටම ඇනේ සෙට් උනා

දැන් ඉතින් ක්ලෙමො එකක් සෙට් කරපු LTTE කරයො ටික වගේ අපි ඉන්නවා බස් එක යනකන් බලාගෙන.
6.08.....
6.09.....
6.10....
බස් එක ස්ටාර්ට් කරපි දැන් වැඩෙ වෙන්න ඔන්න මෙන්න
හුටා...........................................

බස් එක රිවස් කරපි...........!!!!!!!!!!!!!!!!!!!!!!! @#$%^&*&^$%^&*

ශිට්..........
කෙලියනෙ තාප්පෙට

"බලපන් සශිමාල් උබ හින්දා තමයි අදත් මිස් උනෙ" ඩොගියා මට බනින්න ගත්තා.

"ඉතින් යකො කවුද දන්නෙ මු රිවර්ස් යන්න ලයිසන් ගත්ත එකෙක් කියල"

"අපි හවස බස් එකට ගෙමක් දෙමු"
කොටා අයිඩියා එකක් දුන්නා එලම කිරි දෙමු ජම්බු.....

"මොකද කරන්නෙ ඒකට? ඇයි බන් බිත්තර ශැම්පො දෙමුකො!" සුදෙශ් කියපි "ඔකෙ!!" "කවද්ද?"

"පුලුවන් තරන් ඉක්මනට" මට ගයනි නැතුව බැ බන්" "අපො මුගෙ ඇඩියාව"

"මචන් රුචිරාට වදින් ගහන්න එපා!!!" උඩ බැලුමා කියපි
"එහෙනන් එකිට කියපන් බස් එක ඇතුලෙ රෙන් කොට් එකක් ඇන්දගෙන ඉන්න කියලා,,,,,,, හරක!!!!!"

හරි අද හවසට බස් එක එන වෙලාව බලා ගමු!
උබල ඉස්කොලෙන් පැනල කලින් ගිහිල්ල බලාගනින් මම පස්සෙ සෙට් වෙන්නන්

ඔපරෙශන් SPM (2) -- "නව තාලයකින් නව රටාවකින්"

මෙ ගැන දැනගන්න ඉලග කොටස කියවන්න..

මගේ කථාව මතු සම්බන්ධයි..............

මෙහි සදහන් සියලු නම් ගම් මන:කල්පිතම නොවේ!!!

Tuesday, June 15, 2010

මගේ කථාව -- දෙවන වල (2 කොටස)

අද එතැන් සිට...........

මගේ ලවු සික් රොගය උත්සන්න වෙන්න ගත්දි තමයි මට පලවෙනි බෙහෙත ලැබුනෙ.
නම: ලක්මාලි ප්‍රියන්ගිකා රත්නායක
පාසල: අනුලා විදුහල නුගෙගොඩ
උස: අඩි 5 [කොට මොඩල් ලග පිකප්]
ගම: දෙනියාය.

ලක්මාලි නැවතිලා හිටියෙ අපේ නැන්දලගෙ ගෙදර. කරුමෙක මහත කියන්නෙ ලක්මාලි ක්ලාස් ගියෙ මගේ පාසලෙ අති ජාති යාලුවො වන අග්බො පුලස්ති කොසල බන්ඩාර සහ නදීක ලක්නාත් යන කොට්ටවෙ විදුමිණටයි

ලක්මාලිව මට සෙට් කරන්න මුලින්ම කට්ට කැවෙ මුන් දෙන්නයි.

ලක්මාලිව හරියට දකින්නෙවත් නැතුව මම වැඩෙට කමති උනා[එහෙම තමයි යාලු ෆිට් එක]
එවුනත් කලක් යනකොට වැඩෙ මටම එපා උනා. කොට මොඩල් ලග පිකප් කිවුවට මේකෙ එන්ජින් එකවත් තිබ්බෙ නැ.
ඉතින් ලෙඩෙ හොන්ද කරගන්න හිතපු මට ආයෙත් ලෙඩෙ වැඩිඋනා.

(ආයෙත් බස් එකට )

ඔහොම ඉන්න කොට තමයි ගයනි -- අකලන්ක ලවු සීන් එකට පොඩි කෙස් එකක් වැටුනෙ. පොඩි කිවුවට එකාලෙ අපිට එක හරි ලොකුයි. සයිමන්ගෙ පොල් මොලෙ ප්‍රධාන පොල් කඩන අක්ක ඉන්නෙ[එච්. පි HP කියන්නෙ] අන්න එයාට අකලන්කයා ගැන හිතක් පහල වෙලා ගයානිට කෙස් දැම්මා.

අපි ඉතින් එකාවගෙ හිටපු සෙට් එකනෙ වැරදි අයියලට තමයි කෙස් දැම්මෙ කියල එච් පි අක්කට තෙරෙන්න වැඩිකල් ගියෙ නෑ

ඔතන ඉන්දන් තමයි අපි ඔපරෙශන් SPM පටන් ගත්තෙ.

බිත්තර වලින් මොකද කරන්න පුලුවන්?????
මෙ ගැන දැනගන්න ඉලග කොටස කියවන්න..

මගේ කථාව මතු සම්බන්ධයි..............

මෙහි සදහන් සියලු නම් ගම් මන:කල්පිතම නොවේ!!!

Wednesday, June 9, 2010

මගේ කථාව -- පලමු වල (1 කොටස)

අවුරුදු 14කට ප්‍රථම ලියවුනු මගෙ කතාව

කතාව පටන් ගන්නෙ කොට්ටාව බස් නැවතුමෙනි
මාලිගාවත්තේ ගෙවු කාලයට අයුබොවන් කියා කොට්ටාවට පදින්චියට පැමිනියේ මාව හදා ගන්න යැයි අපේ අම්මා කිව්වේ බොරුවටම නෙමේ.
කොට කලිසම වෙනුවට දිග කලිසම ඇන්ද නිසා බුවා උන අපි කාටත් තිබ්බා
කොහොම හරි බස් හොල්ට් එකෙ සෙට් වෙච්චි යලුවො 6 දෙනා [තාමත් යලුවො එහෙම්මමයි] කොට්ටාව බස් රථවල බුව මාෆියාව පතුරගෙන හිටිය.

අකලන්ක ප්‍රභාත් ප්‍රසන්න[උඩ බැලුම] සම්පත්[කොටා] සුදෙශ් සහ ශදික අපෙ කොට ගැන්සියයි
අපි ඉන්න බස් රථයකට ගොඩවෙන්න ඉස්සර සිලාචාර කෙල්ලො කවුරුත් අකමැති උනා. බස් රථවල කීටැග් ගැලවීම කෙල්ලො බයිට් කිරිම. බැග් ගැට ගැසීම කොන්ඩ ගැටගසිම වැනි අසික්කිත වැඩ අපි ඔනතරන් කලා

කෙල්ලොන්ට පැනිපෙරිමෙදි අකලන්ක ප්‍රභාත් ඉදිරියෙන් සිටියා
කෙල්ලොන්ගෙ එඩ්‍රස් ඉල්ලිම[එකාලෙ මොබයිල් පොන් තිබ්බෙ නැ] වැඩිපුර කලේ උඩබැලුමයි

මෙ අතරෙ අපිට සෙට් වෙච්චි කෙල්ලො නතුවාම නෙමේ [කෙල්ලොන්ගෙ මොන කරුමෙටද හිතෙයි] අකලන්ක - ගයානි ප්‍රභාත් -- මුතු සුදෙශ් -- වාසනා එවිට තිබු බස් ලවු කිහිපයයි.

විසාකා ගයනි[2] ලින්ඩ්සෙ ගිහානි සිරිමවො රනසින්හ අක්ක SPM මොටාර් නන්ගිත්[එයාට මොටාර් කියුවෙ ඇයි අහන්න එපා] අපේ ෆිට් කෙල්ලො කීප දෙනෙක්.

අපේ වන් ඇන්ඩ් ඔන්ලි බස් රථය උනෙ සුසිරියයි [Susiri Super Service 138]
සුසිරියෙ ඩ්‍රිවර් ජම්බු වු අතර කොන්දා චන්දනයි ජම්බු නිතරම මල පැන සිටි අතර චන්දන සල්ලි වලට කීවෙ ජරාව ලෙසයි

සුසිරිය දකින විට බස් හොල්ට්[සිරිමාවො,විසාකා, SPM(සයිමන්ගෙ පොල් මොලෙ, සින්ගර් පරන මැශින්, සෙමින් පොඩ්ඩක් මිරිකුවාම, සමන් පිච්ච මල්,[සුවද] Super Pure Milk එනවා), අනුලා] වල සිටි කෙල්ලො අතුරුදහන් විය. නොදන්න කෙල්ලෙක් හො හොන්ඩට අප අදුරන කෙල්ලො ඇරෙන්න වෙන කවුරුත් සුසිරිය දකින විට පරෙ සිටියෙ නැත

ඉතින් අපි මෙහෙම අර්තල් දාගෙන ඉන්න කොට තමඉ‍යි මට මහ භයානක ලෙඩක් හැදුනෙ ඒක මෙ කාලෙට හැදෙනවා කියල හුගක් අය කියුවා. හැබැයි ඒකට බෙහෙත් තිබ්බෙ නැ. බලන් යනකොට මට හැඩිල තිබ්බෙ ලවු සික් කියන ලෙඩෙ.

ඊට පස්සෙ මොකද උනේ කියල ඊලග කොටසින් බලමු

මගේ කථාව මතු සම්බන්ධයි..............

මෙහි සදහන් සියලු නම් ගම් මන:කල්පිතම නොවේ!!!

Friday, November 27, 2009

ගැහැනුන් බස් රථ වැනිය

ගැහැනුන් බස් රථ වැනිය
එකක් මිස් උනොත් අනෙකෙහි යා හැකිය
ම.ග.ම ලන්ගම බස් දුර්ලභය
ප්‍රයිවට් බස් නන් ඔනැ තරම් ඇතිය

කොන්දොස්තර කෙනෙක් නැතිබස් අති දුර්ලභය
ඩයිවර් නැති බස් පරේ නන්නතරය
සල්ලි ඇතොත් ඔන එකක යා හැකිය
සල්ලි නැතොත් කනට නොකා බැස යා හැකිය

රැ වෙන්න වෙන්න පාරේ බස් අඩුය
ම.ග.ම ලන්ගම පාරේ ඉද හිට ඇතිය
බස් නැතිවිට අත් ට්‍රැක්ටර් ට්‍රි ව්ල් පිහිටය
සල්ලි ඇතොත් බස් කුලියට ගත හැකිය

අධි සුකොප භොගි බස් රථ ඇතිය
අනේ එවායෙ යන්නට අපිට වසනාව නැතිය
තෙරපි රින්ගා ගත් බසය
බිමට බසින විට දැනෙන සැප කියා නිමකල නොහැක

බස් එක මොකක් උනත් කරදර අඩු නැතිය
තෙල් ලීක් පැච් එන්ජින් ට්‍රබල් ටයර් මාරු අඩු නැතිය
මොනා උනත් බස් නැතිනම් අපි නන්නතරය
එකයි මම කියුවෙ මෙය් බස් ගැහැනුන් වැනිය

Thursday, October 1, 2009

ෆෙන්ශුයි බුදු දහම සහ ලන්කාවේ මිනිස්සු

ධනවත් වීමෙ චීන රහස්
මම :මොකද්ද මෙ ෆෙන්ශුයි?
මිතුරෙක්: ඇයි දන්නෙ නැද්ද? ධනවත් වීමෙ රහස්නෙ!!
මම: එතකොට චීනෙ මිනිස්සු ඔක්කොම දනවත්ද?
චීනෙ හුන්ගක් උන්ට කන්නත් නැ.
මිතුරා: ඒඋනාට බන් චීන රහස් මාරයි.
අර පොඩි පොඩි සීන් තියනව කරන්න බලගෙන ඉත්දි සල්ලි ලබෙන්නෙ
මම: දැන් මොනද ඔය පොඩි සීන්?
මිතුරා: ඔය කාසි වගයක් ගෙම්බෙක් තව ලොකු මහත මිනිහෙක්ගෙ රුපයක් තියනව එව බුදු පහන ලන්ගින් තියල හමදාම වන්දින්න ඔනෙ ආ තව රු 5 ගානෙ යටින් තියන්න ඔනෙ
මම:එකත් මරු, ඔය මිනිහෙක් කියුවෙ අර තඩි බඩානෙද? බුරිය පෙන්නගෙන හින වෙලා ඉන්නෙ? පෙමෙන්ට් එකෙ රු 800 - 900 විකුනන්නෙ?
හරි හරි ඔය සීන් එක ලන්කාවට ගෙනපු උන් නන් දැන් දියුනුවෙල ඇති
ඇයි බන් ලන්කාවෙ උන් මෙච්චර හරක්?
දියුනුවෙන්න ශොට් කට් හොයන්නෙ?
අනික දැන් බලපන් කොතනද ඔව තියන්න ඔනෙ? බුදු පිලිමෙ ලන්ගනෙ ඔක තියන්න ඔනෙ? ඉතින් තන්හාවෙ අදිපති(ෆෙන්ශුඉ තඩියා) තන්හාව නැති කරපු බුදු හමුදුරුවොයි එකම තැන. තඩියගෙ යට ගහන පහෙ කාසි කැටෙකට දම්ම නන් කොහොමත් ටික කාලෙකින් පොහොසත් වෙනව. ලන්කවෙ උන්ට ගූ පුච්චගෙන කැවහම සල්ලි ලැබෙනව කිවොත් එකත් කරයි. පොහොසත් වෙන්න කවුරුත් ආසයි හැබැයි ශොර්ට් කට් තමයි හරි නැත්තෙ

අපෙ උන්ට තම තමන්ගෙ ආගම පිලිපදින්න හරි අමාරුයි හැබැයි කවුරු හරි බුවෙක් මොකක් හරි වාහිනියක කිවුවොත් ඊට වඩා දෙයක් නැ.
කවුද මෙවට වග කියන්න ඔනෙ?